විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් වාර්තාව (I කාර්තුව)
2020.06.25 දින පැවති ප්‍රධාන ලේකම් (බ.ප.) කාර්යාලයේ
විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම – 2020 පළමු කාර්තුව
දිනය – 2020.06.25
වේලාව – පෙ. ව. 9.30
ස්ථානය – ප්‍රධාන ලේකම් කාර්යාලය (බ.ප.)
මූලාසනය – ජයන්ති විජේතුංග මිය (ප්‍රධාන ලේකම් – බ.ප.)
පැමිණීම – ලේඛනය අමුණා ඇත.
බස්නාහිර පළාත් විගණන හා කළමනාකරණ කමිටුවේ 2020 වර්ෂයේ පළමු කාර්තුවේ රැස්වීම 2020.06.25 වෙනි දින පෙ. ව. 9.30 ට ප්‍රධාන ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, අධ්යක්ෂ (අභ්‍යන්තර විගණන) විසින් පැමිණ සිටි නිලධාරි මහත්ම මහත්මීන් සියළුම දෙනා සාදරයෙන් පිළිගන්නා ලදී. ඉන් අනතුරුව ප්‍රධාන ලේකම්තුමිය විසින් මෙම රැස්වීම පැවැත්වීමේ අරමුණ පැහැදිලි කරන ලදී. එහිදී සාකච්ඡා කරන ලද කරුණු හා එළඹි තීරණ පහත දක්වා ඇත.
අනු අංකය | සාකච්ඡා කළ කරුණ | එළඹි තීරණය | වගකීම | සාකච්ඡා කරන ලද වාර ගණන |
2019 සිව්වන කාර්තුවේ රැස්වීමේදී සාකච්ඡා කරන ලද කරුණු වල ප්‍රගතිය | ||||
විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලද කරුණු :- | ||||
01. | මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නිෂ්පාදනය කරන නිමැවුම් සැලසුමකින් තොරව නිපදවීම නිසා කොන්ක්‍රීට් නිෂ්පාදන විශාල වශයෙන් පැවතීම. | – අවශ්‍යතාවය අනුව කොන්ක්‍රීට් නිෂ්පාදන සිදු කිරීම හා අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව මගින් ඒ පිළිබඳව භෞතිකව පරීක්ෂා කළ යුතු වීම.
|
ලේකම්, ප්‍රවාහන අමාත්‍යංශය (බ.ප) / සාමාන්‍යාධිකාරි, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය (බ.ප.) / අධ්යක්ෂ (අභ්‍යන්තර විගණන) | 04 |
02. | සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල තුනෙහි තීරක අරමුදලේ ගිණුම් ඒකාබද්ධ ගිණුමක් ලෙස ඉදිරිපත් නොවීම. | 2019 වර්ෂයේ ඒකාබද්ධ ගිණුමක් ලෙස සකස් කර ජූලි 03 දිනට පෙර එවිය යුතු වීම. | කොමසාරිස්, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (බ.ප.) | 06 |
03. | ආදායම් දෙපාර්තමේන්තුවෙන් සේවය ලබා ගැනීමට පැමිණෙන සේවාලාභීන් තෘප්තිමත් නොවීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබීම. | – මහජන සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම සඳහා ආකල්ප වර්ධනයට විශේෂ පුහුණුවීමක් කඩිනමින් පැවැත්විය යුතු වීම.
|
කොමසාරිස්, පළාත් ආදායම් දෙපාර්තමේන්තුව (බ.ප.) | 06 |
04 . | – පාසල් වල අබලි ද්‍රව්‍ය වෙන්දේසි නොකර ගබඩා කර තිබීම
– සෞඛ්‍ය අමාත්‍යංශයේ වාහන අපහරණ කටයුතු |
– කලාප අධ්යක්ෂවරුන් දැනුවත් කර විධිමත් විනිවිදභාවයකින් යුතුව අපහරණ ක්‍රියාවලිය සිදු කළ යුතු වීම.
– වාහන අපහරණ කටයුතු ඉතාමත් විනිවිදභාවයකින් යුතුව සිදු කිරීම හා අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම. |
ලේකම්, අධ්‍යාපන අමාත්‍යංශය (බ.ප) /
ලේකම්, සෞඛ්‍ය අමාත්‍යංශය (බ.ප.) / අධ්යක්ෂ (අභ්‍යන්තර විගණන)
|
06 |
05. | ගණකාධිකාරි තනතුරක් නොමැතිව ගණකාධිකාරි තනතුරු සඳහා දීමනා ගෙවීම නීත්‍යානුකූල නොවීම.
– පළාත් පාලන අමාත්‍යංශයේ කොළඹ, ගම්පහ හා කළුතර සහකාර කොමසාරිස් කාර්යාල – වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල – ඉංජිනේරු කාර්යාල |
– මෙම ආයතන වල සිටින ගණකාධිකාරිවරුන්ගේ අවශ්‍යතාවය පැහැදිලි කරමින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට මෙහි අවශ්‍යතාවය පැහැදිලි කිරීම.
|
ලේකම්, පළාත් පාලන අමාත්‍යංශය (බ.ප.) /
අධ්යක්ෂ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව (බ.ප.) / කොමසාරිස්, පළාත් පාලන දෙපාර්තමේන්තුව (බ.ප.) |
05 |
06. | කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය මගින් මිලදී ගන්නා ලද ජෙනරේටර් මිලදී ගෙන ඇති ආයතනයේ ලිපිනය මහරගම නිවසක ලිපිනයක් වීම හා මෙම ජෙනරේටර් සඳහා අලෙවියෙන් පසු සේවය මිලදී ගත් ආයතනය මගින් ලබා නොදීම. | ප්‍රධාන ලේකම් විසින් පත් කළ කමිටු වාර්තාවේ සහ අදාල ලිපි ලේඛන වල සහ ක්‍රියාවලියේ පරස්පරතාවයක් තිබේද යන්න පිළිබඳ වාර්තාවක් කඩිනමින් ලබා දිය යුතු වීම. | ලේකම්, සෞඛ්‍ය අමාත්‍යංශය (බ.ප.) / අධ්යක්ෂ, පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව (බ.ප.) / අධ්යක්ෂ (අභ්‍යන්තර විගණන) | 05 |
07. | – පාසල් වල දෙමව්පියන් විසින් අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම.
– පාසල් ආදිශිෂ්‍ය සංගම් වලින් එකතු කරන මුදල් සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක් නොමැති බව. |
– දෙකටන පද්මාවතී විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ පෞද්ගලික නාමයට ලියාපදිංචි කර ඇති බස් රථය, කඩිනමින් විදුහල්පති නිල නාමයට ලියාපදිංචිය වෙනස් කර ගැනීම සඳහා කටයුතු කිරීම හා විදුහල්පති සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීම. අභ්‍යන්තර විගණන අංශයෙන්ද සොයා බලා වාර්තා කරන්න.
– අධ්‍යාපන ක්ෂේත්රය සම්බන්ධව 2017 වර්ෂයේ ජාතික විගණන කාර්යාලය මගින් ලබා දුන් වාර්තාවට අනුව ගත යුතු අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීම
|
ලේකම්, අධ්‍යාපන අමාත්‍යංශය (බ.ප.) /
අධ්යක්ෂ, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව (බ.ප.) / අධ්යක්ෂ (අභ්‍යන්තර විගණන) |
04 |
08. | – ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හිඟ බදු ආදායම් පැවතීම හා අදාල පාර්ශ්වයන් බදු ගෙවීම පැහැර හැරීම. | – හිඟ බදු ආදායම් ගෙවීම පැහැර හරින පාර්ශ්වයන්ට සුරා බදු බලපත්‍රය ලබා නොදෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්ගෙන් ඉල්ලීමක් සිදු කිරීම හා ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම. | ලේකම්, කෘෂිකර්ම අමාත්‍යංශය (බ.ප.) /
කොමසාරිස්, පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව (බ.ප.) |
05 |
09. | – නිවාස දෙපාර්තමේන්තුවෙන් නිවාස අධාර සඳහා ලබා දෙන මුදල ඵලදායී නොවීම.
|
– නිවාස සාදා ගැනීම සඳහා මුදල් ලබා දෙන ප්‍රතිලාභීන් ගණන වැඩි නොකර, එක් ප්රතිලාභියෙකුට ලබා දෙන මුදල් ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කර ඵලදායී ලෙස මුදල් වැය කිරීමට කටයුතු කිරීම.
– අදාල අවශ්‍යතාවය නිශ්චිතව හඳුනා ගනිමින් මාර්ගෝපදේශ සකස් කර ඒ අනුව කටයුතු කිරීමට නිලධාරීන් යොමු කරවීම හා ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම. |
ලේකම්, ප්‍රවාහන අමාත්‍යංශය (බ.ප.) / නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) | 05 |
10. | මූල්‍ය අර්බුදයට ලක් වූ ස.ණ.ස. සමිති වල තැන්පත් ගෙවීමේදී අක්‍රමවත් ලෙස තැන්පත් හා ආපසු ගෙවීම සිදු කිරීම | – සමූපකාර දෙපාර්තමේන්තුවේ පරීක්ෂකවරු මගින් සියළුම සමිති අධීක්ෂණය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු වීම හා අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව විසින් මෙම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම.
|
ලේකම්, ප්‍රවාහන අමාත්‍යංශය (බ.ප.)/
කොමසාරිස්, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (බ.ප.) |
05 |
11. | – අවිස්සාවේල රෝහලේ කුළුණු 04 ක් ඉදි කිරීම. එය නිෂ්කාර්ය පිරිවැයක් බවට පත් වී තිබීම.
– ඉදිරියේදී මෙම මුදල අධිභාර වීමට හැකියාවක් ඇති බව. |
– අවිස්සාවේල්ල රෝහලේ මෙම නිෂ්කාර්ය ඉදිකිරීම සිදු කළ නිලධාරීන් පිළිබඳව පරීක්ෂා කර බලා ප්‍රධාන ලේකම් වෙත වාර්තා කළ යුතු වීම.
|
ලේකම්, සෞඛ්‍ය අමාත්‍යංශය (බ.ප.) / නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු) / අධ්යක්ෂ, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව (බ.ප.) | 03 |
12. | – කර්මාන්ත දෙපාර්තමේන්තුවේ මහර ක්‍රාෆ්ට් ලංකා ආයතනය අසල ඇති නූල් වර්ණ ගැන්වීමේ මධ්‍යස්ථානය භාවිතයට ගැනීම පිළිබඳ අවධානයක් යොමු නොකර තිබීම සහ එය දැනට මධ්‍යම රජය විසින් පුද්ගලික අංශයට බදු දීමට සූදානම් බව.
|
– මහර ගබඩාව සම්බන්ධයෙන් නැවත ලබා ගැනීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සොයා බලා සිදු කිරීම. | අධ්යක්ෂ, කර්මාන්ත දෙපාර්තමේන්තුව (බ.ප.) / කොමසාරිස්, ඉඩම් දෙපාර්තමේන්තුව (බ.ප.) | 03 |
13. | 2019 නොවැම්බර් මස මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලන ලද තොරතුරු මේ වන තුරු ජාතික විගණන කාර්යාලය වෙත ලැබී නොතිබීම. | – සති දෙකක් ඇතුළත අදාල තොරතුරු ඉදිරිපත් කළ යුතු වීම. | සාමාන්‍යාධිකාරි, මාර්ග සංවර්ධන අධිකාරිය (බ.ප.) / අධ්යක්ෂ, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය (බ.ප.) | 01 |
14. | මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පලාත් ගිණුම් කාරක සභාව විසින් ලබා දෙන නියෝග අනුව විනයානුකූලව කටයුතු කරන ලෙස දැනුම් දීමෙන් අනතුරුව, මූලික විමර්ශනයක් පවත්වා අවවාද කිරීමේ ලිපියක් නිකුත් කිරීම වැනි අවිධිමත් පරිපාලන ක්‍රමවේදයන් අනුගමනය කිරීම.
|
– සිදු කරන වැරැද්දේ ස්වභාවය හඳුනාගෙන විනය ක්‍රියාමාර්ග නිවැරදිව අනුගමනය කළ යුතු වීම. | සාමාන්‍යාධිකාරි, මාර්ග සංවර්ධන අධිකාරිය (බ.ප.) | 02 |
15. | වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ උසස්වීම් හා මාරුවීම් නොලැබීම මත ඉංජිනේරුවන් හා තාක්ෂණ නිලධාරීන් 2021 වන විට 15 දෙනෙකුට සීමා වීම නිසා ඉදිරියට මෙම ආයතනය පවත්වාගෙන යාමේ දැඩි අපහසුතාවයකට පත් වීම. | මේ පිළිබඳව අවධානය යොමු කරමින් මෙම ආයතනය ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා අදාල ක්‍රියාමාර්ග ගැනීම. | ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව / නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) | 02 |
16. | බස්නාහිර පළාත් සභාවේ නිලධාරීන්ගේ තොරතුරු ඇතුළත් කර සැකසූ පරිගනක දත්ත ගබඩාවක් (database) නොමැති වීම හේතුවෙන් නිලධාරීන්ගේ ස්ථාන මාරු වීමේ ක්‍රියාවලිය නිසි ක්‍රමවේදයක් අනුව සිදු වේද යන්න ගැටළු සහගත වීම. | මෙම වර්ෂය අවසන් වීමට පෙර සෑම ආයතනයක්ම යොදා ගන්නා එක් ක්‍රමවේදයක් හෝ ආවරණය කර ගනිමින් පරිගනක දත්ත පද්ධතියක් සකස් කර විනිවිදභායකින් යුතුව ස්ථාන මාරු වීම් සිදු කිරීම. | නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) / අධ්යක්ෂ, තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරිය (බ.ප.) | 02 |
17. | සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් අරමුදලේ විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් නිලධාරීන් 120 ගේ විශ්‍රාම වැටුප් ගෙවීම වැරදි ලෙස ගණනය කර තිබීම. | නිවැරදි කරන ලද චක්‍රලේඛයට අනුව අදාල නිවැරදි කිරීම් කඩිනමින් සිදු කර වාර්තා කළ යුතු වීම. | ලේකම්, ප්‍රවාහන අමාත්‍යංශය (බ.ප.) / කොමසාරිස්, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (බ.ප.) | 02 |
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතන වල අදහස්, යෝජනා හා ගැටළු :- | ||||
18. | සංචාරක මණ්ඩලය විසින් රන්මගපාය ගොඩනැගිල්ලේ පොදු කාර්ය පිරිවැයට අදාලව ගෙවිය යුතු රු. 582,000/- ක මුදල මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ පොත් වල ණය ගැති ශේෂයක් ලෙස පෙන්වීම. (2015 වර්ෂයේ ජූනි, ජූලි මාස වල) | වාරික වශයෙන් අදාල මුදල ගෙවා අවසන් කළ යුතු වීම. | සාමාන්‍යාධිකාරි, සංචාරක මණ්ඩලය (බ.ප.) | 02 |
පළමු කාර්තුවේ රැස්වීමේදී අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ලද කරුණු :- | ||||
19. | මොරැන්න මානව සම්පත් සංවර්ධන හා පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ පුද්ගලයන් 28 දෙනෙකුට පමණ නේවාසිකව රැදී සිටීමේ පහසුකම් සහිත නේවාසිකාගාරය භාවිතයට ගැනීමට නොහැකි ආකාරයෙන් අබලන් තත්වයට පත්වෙමින් තිබීම සහ එහි මුළුතැන්ගෙයි අබලි ද්‍රව්‍ය ගොඩගසා තිබීම.
|
ගම්පහ ඉංජිනේරුගෙන් ඇස්තමේන්තුවක් ලබා ගෙන අදියර වශයෙන් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත යුතු වීම. | නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) | 01 |
20. | පින්නවල රාජපොල මහා විද්‍යාලයේ වසා දමා තිබු නියෝජ්‍ය විදුහල්පතිගේ කාමරය තුළ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොබෙදා කල් ඉකුත් වූ ඖෂධ තොග ගොඩ ගසා තිබීම. | කල් ඉකුත් වීමට පෙර ඖෂධ බෙදා නොහැරීමට හේතු සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම. | ලේකම්, අධ්‍යාපන අමාත්‍යංශය (බ.ප.) / අධ්යක්ෂ, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව (බ.ප.) | 01 |
21. | – පාසල් වල සංවර්ධන සමිතියෙන් වැටුප් ලබන අනධ්‍යයන සේවකයන් (තාවකාලිකව මාස 3න් 3ට සේවය දීර්ඝ කරන) දැනට සේවක අර්ථසාධක අරමුදලේ හා සේවක භාරකාර අරමුදලේ ලියාපදිංචි වී නොමැති බැවින් එම පාසැල් වලට විශාල අධිභාර මුදලක්ද සහිතව හිඟ දායක මුදල් ගෙවීමට සිදු වීම.
උදා : මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලය
– මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ 2009 වර්ෂයේ පාසල්වල භෞතික සම්පත් පිළිබඳ සමීක්ෂණය අනුව අක්කර 02 රූඩ් 02 වර්ග ප්‍රමාණයකින් යුත් ක්‍රීඩා පිටියක් අනුබද්ධිත නීලම්මහර විදුහලට පවතින බව සඳහන් කර ඇතත්, භෞතික පරික්ෂාවේදී එම ක්‍රීඩා පිටිය පෞද්ගලික ක්‍රීඩා සමාජයක් විසින් පරිහරණය කිරීම. |
– සියළුම පාසල් මෙම තත්වය පිළිබඳව දැනුවත් කිරීම් සිදු කිරීම හා අදාල මුදල් ගෙවීමට කටයුතු කළ යුතු වීම.
– මේ පිළිබඳව විධිමත්ව පරීක්ෂා කර බලා වාර්තා කිරීම. |
ලේකම්, අධ්‍යාපන අමාත්‍යංශය (බ.ප.) / අධ්යක්ෂ, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව (බ.ප.) | 01 |
22. | කෘෂිකර්ම අමාත්‍යංශයේ අබේපුස්ස කාර්යාලයට අයත් 52 – 1382 අංක දරණ වාහනය පුද්ගලික නමකින් පැවතීම.
|
– අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණ තීන්දුව ලබා ගෙන, ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් මෙම වාහනයේ අයිතිය නීත්‍යානුකූලව කඩිනමින් ලබා ගැනීම. | ලේකම්, කෘෂිකර්ම අමාත්‍යංශය (බ.ප.) | 01 |
23. | – මාර්ග සංවර්ධන අධිකාරියේ අස්ගිරිය, රත්මලාන හා මොරගහහේන යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාල වලින් වාහන අළුත්වැඩියා කිරීමෙන් අයවිය යුතු මුදල් අය කර ගැනීමට නොහැකි වීමෙන් විශාල හිඟ මුදලක් නිර්මාණය වී තිබීම.
– 2015 වර්ෂයට පෙර අස්ගිරිය, රත්මලාන හා මොරගහහේන යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාල වලින් වාහන අළුත්වැඩියා කිරීමෙන් අධිකාරියට අයවිය යුතු රු.4,402,988.74 ක මුදලක් කපා හැරීම සඳහා කමිටුවක් පත් කර එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අධ්යක්ෂ මණ්ඩලය අනුමැතියද සහිතව එම වාර්තාව ප්‍රධාන ලේකම්ගේ අනුමැතියට ඉදිරිපත් කර තිබීම. |
– මුදල් අය කර ගැනීමේදී විධිමත් ක්‍රමවේදයන් අනුගමනය කළ යුතු වීම. | සභාපති, මාර්ග සංවර්ධන අධිකාරිය (බ.ප.) | 01 |
24. | මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ 2019 වර්ෂයේදී සිදු කරන ලද නිත්‍ය මගී සේවා අවසර පත්‍රයක් ලබා ගැනීමට අදාල ටෙන්ඩර් ක්රියාවලියෙහි අඩුපාඩු පැවතීම.
|
– විධිමත් ටෙන්ඩර් ක්‍රියාවලියක් අනුගමනය කිරීම, දූෂණ වංචා සිදු කරන හා ඊට අනුබල දෙන පාර්ශ්වයන් සොයා බලා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම. | සභාපති, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය (බ.ප.) | 01 |
25. | – පරිවාස දෙපාර්තමේන්තුවෙහි නිවාස වල අධික ලෙස පුරප්පාඩු පැවතීම හේතුවෙන් දෛනික කටයුතු වලට බාධා පැමිණීම.
– නිවාස වල සිටින ළමුන් සඳහා පුහුණු වීම් හා වෘත්තීය කුසලතා පාඨමාලා කිසිවක් ක්‍රියාත්මක නොවීම. මේ හේතුවෙන් ළමුන් මුළු දවස පුරාම TV කාමරය තුල අගුළු දමා රඳවා තැබීම, මේ නිසා ළමුන් විවිධ ප්රචණ්ඩ ක්‍රියා හා අසහනකාරී තත්වයන්ට පත්වී කෝලහාල කිරීම. (උදා : මාකොළ සහතික කල පාසල) |
– නිවාස වල සිටින ළමුන් සඳහා වෘත්තීය පුහුණු වැඩසටහන්, පෞරුෂ වර්ධනය පිළිබඳ වැඩසටහන් ආදිය සංවිධානය කිරීම. | කොමසාරිස්, පරිවාස දෙපාර්තමේන්තුව (බ. ප.) | 01 |
පළමු කාර්තුවේ රැස්වීමේදී සහකාර විගණකාධිපති සහ විගණන අධිකාරිවරුන්ගේ අදහස් දැක්වීම :- | ||||
26. | – විගණන විමසුම් වලට පිළිතුරු සැපයීමේදී පිළිතුරු ප්‍රමාද වීම සහ විධිමත්ව පිළිතුරු සැපයීම සිදු විය යුතු බව.
– මැතිවරණ කොමිසම මගින් නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව ඡන්ද විමසීම කාල සීමාව තුළ එම නීතීන්ට අනුගතව කටයුතු කළ යුතු වීම. |
– විගණන විමසුම යොමු කළ පාර්ශ්වය විසින්ම අදාල පිළිතුරු ඉදිරිපත් කළ යුතු වීම හා ඍජු පිළිතුරු ලබා දිය යුතු වීම.
– ඡන්ද විමසීම කාල සීමාව තුළදී රජයට අයත් නිශ්චල හෝ චංචල දේපළ මැතිවරණ කාර්යයන් සඳහා භාවිතා නොකිරීමට කටයුතු කිරීම. |
සියළුම ආයතන ප්‍රධානීන් | 01 |
27. | රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මාරුවීම් හා විනය පරීක්ෂණ යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් 2018 වර්ෂයේ 34 ක් හා 2019 වර්ෂයේ 113 ක් පිළිබඳව අඩුපාඩු විමසා ඇතත්, පිළිතුරු ලබා දී නොතිබීම. (ගුරුවරුන්ගේ) | යාවත්කාලීන කර රජයේ විගණන කාර්යාලය වෙත පිළිතුරු ඉදිරිපත් කළ යුතු වීම. | ලේකම්, අධ්‍යාපන අමාත්‍යංශය (බ.ප.) | 01 |
28. | – සංවර්ධන ව්‍යාපෘති වලට අදාල ප්‍රගති වාර්තාවේ එම වර්ෂයට අදාල ව්‍යාපෘති පමණක් සටහන් වීම නිසා වැඩ අවසන් නොවී නතර වී ඇති අවිච්ඡේද ව්‍යාපෘති පිළිබඳ තොරතුරු ඇතුළත් නොවීම.
උදා : මිනුවන්ගොඩ පිහිනුම් තටාකය
– සංවර්ධන ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන බෙදීමේදී දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල අතර දැඩි විෂමතාවයක් පැවතීම. උදා : i. 2019 වර්ෂයේ මාර්ග අමාත්‍යංශයේ ව්‍යාපෘති 139 න්, 107 ක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සීමා වීම. ii. අධ්‍යාපන අමාත්‍යංශයේ ක්‍රීඩා අංශයේ වොලිබෝල් පිට්ටනි 7 ම දොඩන්ගොඩ ප්‍රා. ලේ. කොට්ඨාශයේ ඉදි කර තිබීම. |
අදාල කාර්යයන් ක්‍රියාකාරි සැලැස්මට හා කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කිරීමට අවධානය යොමු කළ යුතු වීම. | සියළුම අමාත්‍යංශ ලේකම්වරුන් | 01 |
29. | සංචාරක මණ්ඩලයට ලබා දී ඇති LED පැනල් වලින් මේ වන තෙක් ආදායමක් උත්පාදනය කර නොතිබීම. | සුදුසු වැඩපිළිවෙලක් යොදා මෙම උපකරණ භාවිතයට ගැනීමට පියවර ගැනීම. | සභාපති, සංචාරක මණ්ඩලය (බ.ප.) | 01 |
30. | මාර්ග සංවර්ධන අධිකාරිය
– 2019 ගිණුම් නිවැරදි කිරීම සම්බන්ධව නිකුත් කර ඇති අධ්යක්ෂ මණ්ඩල පත්‍රිකාව අනුමත වූවාද නැද්ද සම්බන්ධයෙන් තොරතුරු ජාතික විගණන කාර්යාලය වෙත නොලැබීම.
– 2016, 2017, 2018 හා 2019 වර්ෂ වල PSDG හා PDG සඳහා ලබා දුන් මිලියන 89 ක් මාර්ග සංවර්ධන අධිකාරියේ ගිණුමට මාරු කර තිබීම. (එනම් over provision තත්වයන් තිබීම)
– ඉංජිනේරු කාර්යාංශය විසින් ව්‍යාපෘති වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට 2018.12.31 දිනට ගෙවා ඇති මුදල රු. මිලියන 628 ක්ව තිබූ අතර, එම මුදලින් 2019.12.31 වන විට මිලියන 271 ක් ඉතිරි වී එය වෙනත් ගිණුමකට මාරු කර තිබීම. එසේ කිරීමට අධිකාරියට බලයක් තිබේද යන්න.
– රැඳවුම් මුදල් (Retention money) ඉංජිනේරු කාර්යාංශයේ තබා නොගෙන එය මාර්ග සංවර්ධන අධිකාරිය වෙත නිදහස් කර තිබීම.
– 2019 වර්ෂයේ නඩු දෙකක් සඳහා රු. මිලියන 230 ක් වන්දි ලෙස ගෙවා තිබීම. එම ගෙවීම් සම්බන්ධව වගකීම් දරන්නේ කවුරුන්ද යන්න.
|
– නිවැරදි ක්‍රමවේද අනුගමනය කළ යුතු වීම හා අවශ්‍ය තොරතුරු, පැහැදිලිකිරීම් ජාතික විගණන කාර්යාලය වෙත ලබා දීමට කටයුතු කළ යුතු වීම සහ ඉදිරියේදී සියළු අධිකාරි වෙන වෙනම ගෙන්වා ව්‍යාපෘති හා ඒවායේ කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීමටත් ඒ අවස්ථාවේදී මෙම කරුණු පිළිබඳව අවධානයට ගත යුතු වීම.
– ඉංජිනේරු කාර්යාංශය හා එක්ව මෙම කරුණු සම්බන්ධව සාකච්ඡා පවත්වා නිරවුල් කිරීමට කටයුතු කළ යුතු බව.
– ඉංජිනේරු කාර්යාංශය හා එක්ව මෙම කරුණ පිළිබඳ සාකච්ඡා කිරීම කළ යුතු බව. |
සභාපති, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු සියළුම ව්‍යවස්ථාපිත ආයතන වල සභාපතිවරුන් (බ.ප.) / නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු) | 01 |
ජේ. එම්. සී. ජයන්ති විජේතුංග
ප්‍රධාන ලේකම්
බස්නාහිර පළාත.
ප්‍රධාන ලේකම් කාර්යාලය (බ.ප.)
විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම – 2020.06.25
පැමිණීමේ නාම ලේඛනය
- ජේ. එම්. සී. ජයන්ති විජේතුංග මිය – ප්‍රධාන ලේකම්
- පී. සෝමසිරි මයා – ආණ්ඩුකාර ලේකම්, ආණ්ඩුකාර ලේකම් කාර්යාලය
- තිලක් සෙනරත් මයා – ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව
- චන්ද්‍රානි සමරකෝන් මිය – ලේකම්, පළාත් පාලන අමාත්‍යංශය
- එන්. නිල්වල මයා – ලේකම්, කෘෂිකර්ම අමාත්‍යංශය
- එච්. ජී. ජී. ජේ. ධර්මසේන මයා – ලේකම්, සෞඛ්‍ය අමාත්‍යංශය
- කේ. චම්පා එන්. පෙරේරා මිය – ලේකම්, ප්‍රවාහන අමාත්‍යංශය
- සිරිසෝම ලොකුවිතාන මයා – ලේකම්, අධ්‍යාපන අමාත්‍යංශය
- බන්දුල ප්‍රේමකුමාර මයා – නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය)
- ඩබ්. එම්. දයාවතී මිය – නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන)
- පාලිත නානායක්කාර මයා – නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු)
- කේ. ඒ. ඩී. කේ. සිරිවර්ධන මයා – නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්)
- කේ. ජී. එස්. ප්‍රසන්න මයා – අධ්යක්ෂ (අභ්‍යන්තර විගණන)
- එල්. ඒ. බී. එල්. ගුණසේන මිය – අධ්යක්ෂ (ගිණුම් හා ගෙවීම්)
- එම්. ඩබ්. එස්. කුරේ මයා – අධ්යක්ෂ (අයවැය)
- කේ. ටී. එස්. පී. ගුණතිලක මයා – අධ්යක්ෂ (පොත් තැබීම්)
- ජී. ඩබ්. පී. පෙරේරා මයා – අධ්යක්ෂ (ඉංජිනේරු)
- උත්පලා අමරකෝන් මිය – අධ්යක්ෂ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
- පී. ශ්‍රී ලාල් නෝනිස් මයා – අධ්යක්ෂ, අධ්‍යාපන දෙපාර්තමේන්තුව
- ඩබ්. ඩී. ආර්. පී. චිත්‍රාංගනී මිය – අධ්යක්ෂ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව
- වෛ. කේ. ඩී. ජයලත් මිය – අධ්යක්ෂ, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව
- වෛ. කේ. කේ. සරත් මයා – අධ්යක්ෂ, සත්ව නිෂ්. හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
- චන්දිමා දිසානායක මිය – අධ්යක්ෂ, සමාජ සේවා දෙපාර්තමේන්තුව
- එස්. ඒ. එල්. රංගනි මිය – අධ්යක්ෂ, කර්මාන්ත දෙපාර්තමේන්තුව
- ඩී. පී. පී. සුජිත් කුමාර මයා – අධ්යක්ෂ, කර්මාන්ත සංවර්ධන අධිකාරිය
- ආර්. එම්. ඩී. පී. කුමාරි මිය – අධ්යක්ෂ (ග්‍රාම සංවර්ධන), මාර්ග අමාත්‍යංශය
- රජිත හපුආරච්චි මයා – සභාපති, කෘෂි සේවා අධිකාරිය
- සී. හේරත් මයා – සභාපති, ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය
- එරංග බස්නායක මයා – සභාපති, සංචාරක මණ්ඩලය
- ශ්‍රියන්ත මෙන්ඩිස් මයා – සභාපති, සෞන්දර්ය නිකේතනය
- ප්‍රසන්න සංජීව මයා – සභාපති, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය
- ඩිල්ෂාන් ජයවර්ධන මයා – සභාපති, තොරතුරු තාක්ෂණ සම්පත් සං. අධිකාරිය
- ජී. අමරසේකර මිය – කොමසාරිස්, ආදායම් දෙපාර්තමේන්තුව
- වෛ. ජී. එම්. මාලා පෙරේරා මිය – කොමසාරිස්, ආයුර්වේද දෙපාර්තමේන්තුව
- ඒ. තමරිකා හර්ෂණී මිය – කොමසාරිස්, පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපා.
- එම්.එම්.සී.කේ.කේ.මාන්නප්පෙරුම මයා- කොමසාරිස්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
- නිරෝෂා දීපනී ඊශ්වර මිය – කොමසාරිස්, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව
- රුවිනි විජයවික්‍රම මිය – කොමසාරිස්, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව
- එල්. පී. එම්. එස්. පතිරණ මෙය – කොමසාරිස්, නිවාස කොමසාරිස් දෙපාර්තමේන්තුව
- ඊ. එච්.අයි. යූ. එදිරිසිංහ මිය – රෙජිස්ට්‍රාර්, ව්‍යාපාර නාම ලියාපදිංචි කි. දෙපාර්.
- ඒ. එම්. එස්. මල්කාන්ති මිය – ප්‍රධාන ගණකාධිකාරි, අධ්‍යාපන දෙපාර්තමේන්තුව
- ඒ. ඒ. ඩී. ඩී. ඩී. අලහකෝන් මයා – ප්‍රධාන ගණකාධිකාරි, සෞඛ්‍ය අමාත්‍යංශය
- කේ. පී. වසන්තතිලක මයා – ප්‍රධාන ගණකාධිකාරි, පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
- ජේ. ඒ. එන්. ඩී. ජයකොඩි මිය – ප්‍රධාන ගණකාධිකාරි, පළාත් පාලන අමාත්‍යංශය
- එස්. සමරවීර මයා – ප්‍රධාන ගණකාධිකාරි, මාර්ග සංවර්ධන අධිකාරිය
- කේ. ඩී. එල්. කඳනආරච්චි මිය – ප්‍රධාන ගණකාධිකාරි, ඉංජිනේරු කාර්යාංශය
- පී. පී. විජේවීර මිය – ගණකාධිකාරි, සභා ලේකම් කාර්යාලය
- පාලිත අභයවර්ධන මයා – ප්‍රධාන නීති නිලධාරි, ප්‍රධාන ලේකම් කාර්යාලය
- ඒ. පී. ජගත් ප්‍රියන්ත මයා – අධ්යක්ෂ, තොරතුරු තාක්ෂණ සම්පත් සං. අධිකාරිය
- ජනක කොලොන්නගේ මයා – අධ්යක්ෂ, ආර්ථික ප්‍රවර්ධන කාර්යාංශය
- නිරෝෂා සල්පිටිකෝරාළ මිය – අධ්යක්ෂ, සෞන්දර්ය නිකේතනය
- නිරාශා මදුරසිංහ මිය – අධ්යක්ෂ (වැ. බ.), කෘෂි සේවා අධිකාරිය
- ආර්. එම්. එස්. බණ්ඩාරනායක මයා – සාමාන්‍යාධිකාරි, මාර්ග සංවර්ධන අධිකාරිය
- ජගත් පෙරේරා මයා – සාමාන්‍යාධිකාරි, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය
- ඩී. ඩී. සී. සෙනෙවිරත්න මෙය – අභ්‍යන්තර විගණක, ප්‍රධාන ලේකම් කාර්යාලය
- එන්. එච්. සුමින්ද මයා – අභ්‍යන්තර විගණක, ප්‍රධාන ලේකම් කාර්යාලය
- එම්. කේ. ප්‍රසන්න මඩවල මයා – නි. සා. (මූල්‍ය) , මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය
- පී. ජී. ආර්. තිස්ස මයා – නි. සා. (මූල්‍ය) , මාර්ග සංවර්ධන අධිකාරිය
- කේ. ශමිලා මනෝරි මිය – ගණකාධිකාරි, කෘෂිකර්ම අමාත්‍යාංශය
- එස්. ජී. චන්ද්‍රසේකර මිය – ගණකාධිකාරි, පළාත් පාලන අමාත්‍යංශය
- ආර්. එම්. ඊ. සී. පී. මැණිකේ මිය – ගණකාධිකාරි, ප්‍රවාහන අමාත්‍යංශය
- එස්. ජී. චන්ද්‍රසේකර මිය – ගණකාධිකාරි, සංචාරක මණ්ඩලය
- එච්. ඒ. වයි. ලක්ෂ්මි මිය – ගණකාධිකාරි, අධ්‍යාපන අමාත්‍යාංශය
- ජී. ඩබ්. ඩී. පී. සේනානායක මයා – ගණකාධිකාරි, සත්ව නිෂ්පා. හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
- කේ. ඩී. ඩී. එච්. සිරිවර්ධන මයා – ගණකාධිකාරි, පළාත් පාලන දෙපාර්තමේන්තුව
- එස්. ඒ. පී. කුමාරි මිය – ගණකාධිකාරි, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
- බී. ඒ. ජී. එස්. ආර්. බණ්ඩාර මයා – ගණකාධිකාරි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
- එච්. ඒ. එච්. නචින්තිකා මිය – ගණකාධිකාරි, ආයුර්වේද දෙපාර්තමේන්තුව
- දිනෙල්කා සමන්ති මිය – ගණකාධිකාරි, සමාජ සේවා දෙපාර්තමේන්තුව
- ඩී. ජී. ටී. ආර්. චන්දන මයා – ගණකාධිකාරි, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව
- එන්. ඩී. ඩී. දිල්රුක්ෂි මිය – ගණකාධිකාරි, අධ්‍යාපන දෙපාර්තමේන්තුව
- එච්. ඒ. එස්. සෙව්වන්දි මිය – ක්‍රීඩා අධ්යක්ෂ, අධ්‍යාපන දෙපාර්තමේන්තුව
- ශානිකා සොන්නාදර මිය – සහකාර අධ්යක්ෂ (මූල්‍ය), කෘෂි සේවා අධිකාරිය
- කේ. සසීකරන් මයා – සහකාර අධ්යක්ෂ (මූල්‍ය), කර්මාන්ත සංව. අධිකාරිය
- අයේෂා කුමානායක මිය – සහකාර අධ්යක්ෂ (මූල්‍ය), ඝන අපද්‍රව්‍ය කළ. අධිකාරිය
- එස්. කේ. ආර්. එම්. පීරිස් මිය – සහකාර අධ්යක්ෂ (මූල්‍ය), ආර්ථික ප්‍රවර්ධන කාර්යාංශය
- ඒ. ඩී. ඒකනායක මයා – සහකාර අධ්යක්ෂ (මූල්‍ය), තොරතුරු තාක්. ස. සං. අධිකාරිය
- සඳමාලි වික්‍රමසිංහ මිය – නියෝජ්‍ය අධ්යක්ෂ (මූල්‍ය), ඝන අපද්‍රව්‍ය කළ. අධිකාරිය
- ආර්. එම්. එන්. සිල්වා මයා – නියෝජ්‍ය අධ්යක්ෂ, ඝන අපද්‍රව්‍ය කළ. අධිකාරිය
- එස්. එම්. එන්. සුබසිංහ මයා – සහකාර අධ්යක්ෂ (ක්‍රමසම්පාදන), පළාත් පාලන දෙපාර්.
- බී. ඒ. ජී. බාලසූරිය මයා – පරිපාලන නිලධාරි, සමූපකාර සේවක කොමිෂන් සභාව
- එල්. ඩී. ආර්. එච්. රුද්‍රිගු මිය – පරිපාලන නිලධාරි, ව්‍යාපාර නාම ලියාපදිංචි කි. දෙපාර්.
- කේ. පී. රණසිංහ මයා – අභ්‍යන්තර විගණක, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය
- නමීදා බණ්ඩාර මිය – අභ්‍යන්තර විගණක, මාර්ග සංවර්ධන අධිකාරිය
- අචිනි කරුණාසේකර මිය – මූල්යසහකාර, ආදායම් දෙපාර්තමේන්තුව
- ඩබ්. පී. එච්. මධුෂානි මිය – මූල්‍ය සහකාර, සෞන්දර්ය නිකේතනය
- එච්. පී. ජේ. ඩී. චන්ද්‍රරත්න මයා – කළමනාකරණ සහකාර, සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව
විගණකාධිපති දෙපාර්තමේන්තුව නියෝජනය කළ නිලධාරීන්
- ආර්. එස්. විතානගේ මිය – සහකාර විගණකාධිපති, ජාතික විගණන කාර්යාලය
- ඊ. ඒ. ඩී. පී. ප්‍රසන්න මයා – විගණන අධිකාරි, ජාතික විගණන කාර්යාලය
- එල්. එස්. ලොකුගේ මිය – විගණන අධිකාරි, ජාතික විගණන කාර්යාලය
- ඩබ්. ජී. ආර්. එන්. වීරක්කොඩි මිය – විගණන අධිකාරි, ජාතික විගණන කාර්යාලය
සහභාගි නොවූ නිලධාරීන් :-
- රෝහණ රාජපක්ෂ මයා – සභා ලේකම්, සභා ලේකම් කාර්යාලය
- නලින් මාන්නප්පෙරුම මයා – අධ්යක්ෂ, අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය
- කසුන් ඈපා සෙනෙවිරත්න මයා – කොමසාරිස්, පළාත් පාලන දෙපාර්තමේන්තුව
- සුමිත් සුරවීර මයා – ලේකම්, සමූපකාර සේවක කොමිෂන් සභාව (දැනුම් දී ඇත)